Type Here to Get Search Results !

අපේ අම්මා මැරුණා. ඔයාට පුලුවන්ද අපිව බලාගන්න..? අවුරුදු 5ක දරුවකු කල ඉල්ලීම


ඇරිසෝනා ප්‍රාන්තයේ සැන්ටන් නිම්නයේ ජිවත් වන ජෙසිකා හට දිනක් තම නිවසට කවුරුන් හෝ තට්ටු කරන හඬ ඇහුණා.

ඇය දොර විවෘත කරද්දි දොර ගාව හිටගෙන හිටියේ ජෙසිකාගේ අසල්වැසි නිවසේ වයස අවුරුදු පහක පුංචි පිරිමි දරුවෙකු වන 'සැල් සිකාලිස්' නම් දරුවා යි.

වැඩිහිටියෙකු හෝ නොමැතිව තම නිවසට ආ මෙම පිරිමි දරුවා ගැන ඇයට පුදුම හිතුණා පමණක් නොවේ, ඔහුගේ අතේ කුමක් හෝ අසාමන්‍ය දෙයක් තිබෙන බවත් ඇය දුටුවා.

මුලදි ජෙසිකා හිතුවේ ඒ බෝනික්කෙකු වන්නට ඇති බවයි. ඒ වුණත්.. අනතුරුව ඇය දකිනවා ඒ හිටියේ සැල් සිකාලිස්ගේ මාස 2ක් වයස පුංචි සොහොයුරිය යි.

අනතුරව කතා බහ කරද්දි පුංචි පිරිමි දරුවා ජෙසිකාට පැවසුවේ මෙවැන්නක්.

"මගේ අම්මා නාන කාමරේදී මැරුණා. ඔයාට අපිව බලාගන්න පුළුවන්ද?"

නොදැනුවත්කමට හෝ දරුවා එහෙම කිව්වම ජෙසිකා දැනගත්තා බරපතල කුමක් හෝ සිදු වී ඇති බව. එම නිසා ඇය වහාම හදිසි ඇමතුම් ඒකකයට (911) ඇමතුමක් ලබා දී ඔවුන්ව වහාම ගෙන්වා ගනු ලැබුවා.

සිකාලිස් කියූ විදිහටම ඔහුගේ නිවසට ගිහින් බලනකොට දැක ගැනීමට ලැබුණේ මව මියගොස් නොමැති බවත්, ඇය නාන කාමරයේ තුළ ඇති නාන බේසම තුළ සිහිසුන්ව ඇද වැටී ඇති බවයි.

නමුත් හැමදෙනාගේම මවිතයට කාරණාව වූයේ මේ පුංචි දරුවාගේ හැසිරීමයි.

ඒ ගැන සිකාලිස් කියන විදිහට තමාගේ මව මියා ගියා යැයි සිතූ ඔහු තේරුම් ගත්තා තමාට උපකාර අවශ්‍ය බව. ඒ නිසා ඔහු තම සොහොයුරිය බ්ලැන්කටුවක ඔතා වහා ආරක්ෂාව අවැසි නිසා ජෙසිකාගේ නිවසට රැගෙන ගොස් තිබෙනවා.

ඇත්තෙන්ම ඒ මොහොතේදී මේ පිරිමි දරුවා එසේ නොකළා නම් සමහර විට අවසානය මීට වඩා බිහිසුණු වන්නට තිබුණා.

අවසානයේ සිකාලිස්ගේ මව මාධ්‍යයට කියා තිබුණේ, 

"අවංකවම මගේ පුතා මාව බේරුවා. මොකද තව ප්‍රමාද වුණා නම් මාව ගිලෙන්නත් ඉඩ තිබුණා..."

මේ පුංචි දරුවාගේ වීර ක්‍රියාව නිසාම ඔහුව ගිනි නිවන භටයෙකු ලෙස නම් කරන ලද අතර විශේෂ සහතිකයක් හා හිස් වැසුමක්ද පිරිනැමුණා.





Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads