Type Here to Get Search Results !

ඇමරිකානු දේශ සීමාවට ඇතුළු වූ බ්‍රිතාන්‍ය යුවළකට හා දරුවාට වුනු දේ


කැනඩාවට ගිය හත් දෙනෙකුගෙන් යුතු බ්‍රිතාන්‍ය පවුලක් එක්සත් ජනපදයේදී වැරදීමකින් ඇමරිකානු භූමියට ඇතුළුවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩනයේ සිට පැමිණ අත්අඩංගුවට පත් වයස 30 වූ ඩේවිඩ් කොනර්ස් සහ 24 හැවිරිදි අයිලීන් කොනර්ස් පවසන්නේ ඔවුන්ගේ මාස තුනක පුතා පෙන්සිල්වේනියාවේ ලීස්පෝර්ට් හි බර්ක්ස් රැඳවුම් මධ්‍යස්ථානයේ දී අපිරිසිදු ඉතා තත්ත්වයට ලක්ව ඇති බවයි.

ඩේවිඩ්ගේ සහෝදරයා වන මයිකල් කොනර්ස්, ඔහුගේ බිරිඳ ග්‍රේස් සහ ඔවුන්ගේ අවුරුදු දෙකක නිවුන් දැරියන් දෙදෙනාද සමග රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

කැම්බ්‍රියා පැවසුවේ ඔක්තෝම්බර් 3 වන දින මයිකල් තම පවුලේ අය සමඟ වැන්කුවර් නුවරට යමින් සිටියදී සතෙකුට හිංසාවක් නොවන අයුරින් ඔහු රිය පැදවූ බවයි.

මයිකල් සලකුණු නොකළ මාර්ගයකට හැරී මොහොතකින් පොලිස් කාර් සහ දේශසීමා මුර සංචාරයේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඔවුන් වටකළ බවත් “ඔබ ජාත්‍යන්තර දේශ සීමාවක් තරණය කළා,”යනුවෙන් නිලධාරියා ඔවුන්ට පවසා සිටි බවත් ඔවුන් පවසනවා.

තමන් නිර්දෝෂී බව පවසා සිටියදීත් නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගත බවත් ඔවුන් කිසිම සීමාවක් පසුකර ඇති බවක් තමන් දැන සිටියේ නැති බවත් ඔවුන් පවසනවා.

එලෙසම ඔවුන් ඔවුන් එක්සත් ජනපදයේ පවා සිටින බව දැන නොසිටි බවත් තමන් උත්සාහ කළේ නැවත ඔවුන්ගේ හෝටලයට යාමට පමණක් බවත් ඔවුන් තවදුරටත් පවසා සිටිනවා.

තවමත් මෙම පවුල විධිමත් ලෙස පිටුවහල් කිරීමට හෝ ඔවුන්ගේ නීතිඥයන් සමග කිසිඳු අයුරකින් ලිපි ලේඛන බෙදාගෙන නොමැති බවද අත්අඩංගුවට පත් පිරිස තවදුරටත් පවසනවා.



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads