Type Here to Get Search Results !

සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී ලංකාවේ


‘කෙදර්නාත්’, ‘සිම්බා’ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ සාරා අලී ඛාන්, සිය කාර්ය බහුල රංගන ජීවිතයට කෙටි විරාමයක් තබමින්, යහළු යෙහෙළියන් පිරිසක් ද සමඟ මෙරටට පැමිණ සිටිනවා.

සාරා අලී ඛාන් යනු සයිෆ් අලී ඛාන්ගේ පළමු කසාදයේ දියණියයි. සාරාගේ මව අමිරිතා සිංග්. සාරා රංගනයට පිවිසියේ කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසුවයි. ‘කෙදර්නාත්’ ඇගේ පළමු බොලිවුඞ් චිත්‍රපටයයි.

ඇය රංගනයෙන් එක් වුණු, රන්වීර් සිං ප්‍රධාන චරිත නිරූපණය කළ ‘සිම්බා’ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ සිනමා නිර්මාණයක්.

‘ශ්‍රී ලංකාවට ආ යුවතිය’ යනුවෙන් ඇය සැහැල්ලුවෙන් විනෝදෙන් සිටින අයුරු දැක්වෙන ඡායරූප පෙළක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ලක්ෂ 6 කට වැඩි සාරාගේ රසික රසිකාවියන්ගේ ආදරය එම ඡායාරූපවලට ලැබී ඇතැයි ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.




Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads