සරණාගත අයිතිවාසිකම් සහ දේශගුණික විපර්යාස වලට විරෝධය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ නිරුවත් විරෝධතාවයක් පවත්වා ඇති අතර මේ පිළිබඳ බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.
දේශගුණික විපර්යාස වළක්වන ලෙස ඉල්ලමින් ලොව පුරා බොහෝමයක් රටවල්වල විරෝධතා පැවැත්වූ නමුත්, මෙහි විශේෂත්වය වනුයේ එය 'නිරුවත් විරෝධයක්' වීමයි.
අති විශාල ජනතාවක් මෙම 'නිරුවත් විරෝධය'ට සහය පළ කිරීමට එක්ව සිටි අතර, ඔවුන් ඔවුන්ගේ ශරීරය තීන්තවලින් ආලේප කරමින් විවිධ සටන් පාඨ කියමින් විදී සරන අයුරු දැකගත හැකි වුණා.
මේ සඳහා අදහස් දක්වන ඇතමුන් පවසන්නේ මෙය "ඔවුන් ආශා කරන ගැටළු පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ඔවුන්ගේ ශරීර භාවිතා කිරීමට සුවිශේෂී අවස්ථාවක්" ලෙසයි.
මෙම විරෝධතා බොහෝමයක අරමුණ වන්නෙ දේශගුණික විපර්යාස සඳහා වන රජයේ පිළියම් වේගවත් කිරීම යි.