Type Here to Get Search Results !

සෛන්දමරුදු නගර සභාව රාජපක්ෂලා නැති ආන්ඩුවකින් දුන්නානම් අද රටේ තත්වේ


රාජපක්ස කියන්නෙ ආගමක් කියලා හැම වෙලාවෙම කියන්නෙ මේකයි.

නිකමට හිතන්න සෛන්දමරුදු නගර සබාව රාජපක්ෂ කෙනෙක් නැති ආණ්ඩුවකින් දුන්නා කියලා.

එහෙම උනානං බුදාම්මෝ මෙන්නෝ තම්බියට රට දෙනෝ, වාවන්න බැරියෝව්.. ඉවරෝ, is නැගිටිනෝ, අර පූසාරාන්ගේ ගම නේද යකෝව් ඔය.. කළගුණ සලකනවද තොපි ඒකට, වෙනම පාලන ඒකක දෙනෝව් කියලා කවි සීපද ලියන්න ගන්නවා.
අප්පච්චිගෙ ලබ්බක් පුතා සමිල මුතුමිණි ටෙක්සාසයේ සිට සියළුම ගෲප් වලට ෂෙයා වන පරිදි විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා..
අනේ තිස් වසරක කුරිරු යුද්දෙන් මුදාගත්ත රට නේද දෙයියනේ මේ තම්බියට ලියලා දෙන්නෙ කියලා ආච්චිලා දෙතුන් දෙනෙක් පපුව පැලිලා මැරෙනවා.
බටහිර අදිරාජ්ජවාදය හා මුස්ලිම් අන්තවාදය තුල බෞමික අකන්ඩතාවයේ දෙදරායම මැයෙන් රණවිරු විමල් ටිකිරි වීරවංස රටපුරා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ තියනවා. උපවාසයක් කරනවා..

රට ජාතියෙ ආගමේ නාමෙන් පාර්ලිමේන්තුවෙ යකා නටනවා..

සෛන්දමරුදු නගරසබාව වහාම අහෝසි කරනු !
ඒකීය බාවය රකිනු ! කියලා නාමල් රාජපක්සයි, උදය ගම්මන්පිලයි, සෙට් එක මහා පාගමනක් යනවා. දුමින්ද සිල්වගෙ චැනල් එකෙන් ලයිව් දෙනවා.
බන්දුල ගුණවර්ධන පොදුජන ආර්තික පෙරමුණ රැස් කරලා ඒකෙන් මේම මේම වෙනවා කියලා ඩක්වත් ලුවිස්, ඉසෙඩ් ඉස්කෝර් දාලා මාධ්‍ය සාකච්ඡාවක් තියනවා.

මේ අතර රණවිරු අනුසා දමයන්ති යම් වේදිකාවක -

මේ හෙළ ධීඵයේ උඵණ් යඛ්ඛ ඵරඵුරේ ඛාණ්ථාවණී..ඵුථණුවනී.. ඛුවේණී ළේ ධාථුවේ නාමයෙණ් ථන්ථුරේ සඨණේ ජය කෙහෙළිය රඹුඛ්වල්ල නැංවූ විමළධර්මා ෂූරී ඛුමරිය මෙණ් ඝෝඨාභය මැථිධුන්ඝේ ජය වෙණුවෙණ් ඛැප වෙමූ...ඌඌඌඌ..

සෛණ්ධමරුධුව භේරා ඝැණීමේ සඨණඨාආආආ... ඵුධුකුඪුඉරුඵ්ඵ්හුව භේරා ඝථ් ඨිකිරි ඛුමරු මෙණ්න්න්න්න්න්න්... යුධ්හ වධිමීඋඉඌඋඊඊඊ...

ඉරාජ් සින්දුවක් හදලා ලෛව් ඇවිල්ලා..

පේජ් ඇඩ්මින්ලා කළු කොඩි දාලා...

බෝ දුබල සේනාවයි, රාවනා බලෙයි, මාගල්කන්දේ සුදත්තයි ගිනි තියාගෙන. රතන දලදා මාලිගාව ළඟ හට් එකේ..

තමන්ගෙ ආගමේ තියන ඕන එකක් හරි. අනුන්ගෙ ආගමේ හැම එකම වැරදියි. තමන්ගෙ ආගමේ තියන එකක්ම අනුන්ගෙ එකකත් තියනවනං ඒක වැරදියි. අනුන්ගෙ ආගමක කියන ඕනම ගොං කතාවක් තමන්ගෙ ආගමේ තියනවනං අපේ ආගමේ එක විතරක් හරි.

ඔන්න ඕකයි තත්වෙ..!
ඉතින් ආගමක් නෙමෙයිද මේක ?

දැන් ඉතින් කියනවා අපිට අව්ලක් නැත්තං උඹලා දැන් ඇයි අව්ලෙන් කියලා.

ඡන්ද බලාගෙන හරි සෛන්දමරුදු වලට නගර සබාවක් දුන්න එක ගැන කිසිම අව්ලක් නෑ.. රටේ බලය විමධ්‍යගත වෙන එක හොඳයි. ඒක අගය කරන්න ඕනෙ.
හැබැයි ඉතින් ඉස්සර මහවිරු සමරුව තියනකොට යකා නටලා ස ඉන්නකොට කරද්දි සද්දයක් නැති වෙන්නයි,
ඉස්සර අම්පාරෙ කඩේක කොත්තුවක පිටි ගුලියකටත් මැරෙන්න හදලා ජාතිවාදෙ අව්ස්සලා දැන් මේම වෙන්නෙයි ඇයි කියලා මේ අහන්නෙ.

නැතුව වෙන ප්‍රස්නයක් නෑ.

අපි කැමති දේවල් අපි ඡන්දෙ දුන්න එකාම කරන්න ඕනෙ නෑ. කොහෙන් හරි වෙනවනං හොඳයි.
ගෝටාබය ස ට මේ මල් මිට.... 


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads