Type Here to Get Search Results !

තහනම මැද මෝඩි ලංකාවට එවපු ටොන් 10 බර දේ - ජනපති අගමැති ස්තූති කරයි


කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා අවශ්‍ය ඖෂධ ‌ටොන් 10ක ප්‍රමාණයක් ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර ‌මෝඩි මහතා ‌වෙත විශේෂ ස්තූතිය පිරිනැමීමට කටයුතු ‌කොට ඇත.
මෙම ඖෂධ ‌තොගය විශේෂ ඉන්දීය ගුවන් යානයක් මගින් ලංකාව ‌වෙත එවීමට ඉන්දීය අගමැතිවරයා පියවර ‌ගෙන තිබිණ.
ඉන්දියාව විසින් කිසිදු ඖෂධයක් ‌හෝ ආහාර ද්‍රව්‍යයක් අපනයන කිරීම තහනම් ‌කොට ඇති අවස්ථාවක එම තහනමද ‌නොතකා ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට ‌මෙම ඖෂධ ‌තොගය ලබා දීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads