Type Here to Get Search Results !

ස්වයං නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු ඉන් දින 08 කට පසුව කොරෝනා වැලදෙයි


දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු ඉන් දින 08 කට පසුව කොරෝනා වෛරසය වැලදීමේ පුවතක් අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ආගමික වැඩසටහනකට සහභාගිවීම සඳහා කටාර් රාජ්‍ය බලා ගොස් පසුගිය මාර්තු මාසයේ 16 වෙනිදා යලි දිවයිනට පැමිණි එම පුද්ගලයාව ඔහුගේ නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණා.
ඔහුගේ දින 14ක ස්වයං නිරෝධායන කාල සීමාව මාර්තු මස 30 වෙනිදා අවසන් වූ බවයි කල්මුනේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඥාණගුනාලන් සුගුණන් ප්‍රකාශ කර සිටියේ.
මෙම පුද්ගලයා සමග කටාර් හී සිට පැමිණි 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී නිරෝධායනයට ලක් කොට තිබු අතර ඔවුන් ගෙන් එක් අයෙකු කොරෝනා රෝගියෙක් බවට සිදුකළ PCR පරීක්ෂණයකින් ඉකුත් දා අනාවරණය වී ඇත.
ඒ අනුව සෙසු පුද්ගලයින්ගේද නියැදි පරීක්ෂණයක් සිදුකිරිමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව පසුගිය 07 වෙනිදා එම නියැදි බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.
ඒ අනුව මෙම පුද්ගලයාව ඊයේ දිනයේදී වැලිකන්ද රෝහලට ඇතුලත් කරනු ලැබු බවයි කල්මුනේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඥාණගුනාලන් සුගුණන් සඳහන් කර සිටියේ.
මෙහිදී දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධිතව ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වුවත් ඔහුගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර ඇති බවයි ඔහු සඳහන් කලේ.
මෙම පුද්ගලයා සිය ස්වයං නිරෝධායනය කටයුතු අවසන් වීමෙන් අනතුරුව නිවසින් පිටව නොගොස් තිබීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් සහ ඔවුන්ව ලඟින් ඇසුරු කළ තවත් 06දෙනෙක්ව මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති අතර ඔවුන්ගේ නියැදි අද දිනයේදී වෛද්‍ය පරීක්ෂණයක්‌ සඳහා යොමු කරන බවයි කල්මුනේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඥාණගුනාලන් සුගුණන් වැඩිදුරටත් සඳහන් කලේ

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads