Type Here to Get Search Results !

අද මියගිය රෝගියාගේ විස්තර මෙන්න


ශ්‍රී ලංකාවෙන් 6 වන කොරෝනා මරණය අද උදෑසන වාර්තා වුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේ දෙහිවල පදිංචි 80 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
ඔහු අයි ඩී එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වූයේ මාර්තු 28 වනදායි. මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු එහිදී මියගියා.
දෙවන මරණය මාර්තු 30 වනදා වාර්තා වූ අතර මීගමුව කොච්චිකඬේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.
3 වන මරණය වාර්තා වූයේ අප්‍රේල් පළමුවනදා වන අතර මරදාන ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි අයෙකු එහිදී මරණයට පත්වුණා.
රත්මලානේ පදිංචි 58 හැවිරිදි අයෙකු පසුගිය 2 වනදා මියගිය අතර එය ශ්‍රී ලංකාවේ 4 වන කොවිඞ්-19 මරණයයි.
ඉතාලියේ සිට පැමිණි හෝමාගම පදිංචිකරුවෙකු වන 44 හැවිරිදි අයෙකු පසුගිය 3 වනදා මියගියේ වැලිකන්ද රෝහලේදියි.
අනතුරුව දින 4 කට පසුව අද දිනයේදි 6 වන කොරෝනා මරණය සටහන් වුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads