මෙරටින් අද (23) සවස වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා නාවික හමුදා සෙබලෙක් බවට තහවුරු වී තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන මෙම සෙබලා පසුගියදා වාරියපොළ ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ලබා පැමිණ සිටියදී මෙලෙස ආසාධිතයෙක් බවට අද (23) හදුනා ගෙන තිබෙනවා.
මෙම නාවික සෙබලා ඊයේ දිනයේදී පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත සෙබලා සමග සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන කන්දෙගමුව සඳහන් කලේ මෙම නාවික හමුදා නිලධාරියා ඊයේ දිනයේදී අසනීප තත්ත්වයකට රෝහල් ගතවූ බවත් ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වූ බවට අද තහවුරු වූ බවයි.
ඒ අනුව මෙම නාවික හමුදා සෙබලා මේ වන විට අංගොඩ පිහිටි IDH රෝහලට මාරු කර යවා ඇති බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


