ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබෙනවා.
එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ.
එම තිදෙනා ද ඇතුළු වෑන් රථයේ සිටි සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර අද (03) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුල පමණක් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,035 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


