කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධ පුවත් පළකිරීමේදී භාවිතා කළයුතු නිර්දේශ ඇතැම් මාධ්‍ය ආයතන විසින් පැහැර හැරීමේ බරපතළම අගතිය වන්නේ රෝගය ආසාදිත පුද්ගලයින් සමාජයෙන් කොන්වීමට ඇති බිය නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට උත්සාහ කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කොවිඩ් - 19 සම්බන්ධ වාර්තාකරණයේදී භාවිතා කළයුතු නිර්දේශ මාලාවක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව, නිරෝධානයට ලක් කරන පුද්ගලයින්, රෝගීන් හෝ මරණ වාර්තා කිරීමේදී කිසිවිටෙකටත් ජාතිය හා ආගම සඳහන් නොකරන ලෙසත් වෛරසය ආසාදිත පුද්ගලයින් රෝගීන් මිස අනෙකුත් අයට රෝගය පතුරුවන්නන් වශයෙන් හැඳින්වීමෙන් වළකින ලෙසත් විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින ලෙසත් නිරෝධානයට ලක්කරන පුද්ගලයින්ගේ හෝ රෝගීන්ගේ ඡායාරූප / වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව විකාශය නොකරන ලෙසත් ජනතාව තුළ වෛරය ඇතිවන ආකාරයෙන් තොරතුරු වාර්තා නොකරන ලෙසත් යනාදී වශයෙන් නිර්දේශ කර තිබේ.
මෙම නිර්දේශ දෙස බැලූ බැල්මටම පෙනී යන්නේ මේවා තඹයකට නොතකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඉතාම නින්දිත මාධ්‍ය භාවිතයක යෙදෙමින් කොරෝනා අවධානම ඉහළ නැංවීමට කටයුතු කළේ "අමනුසත් දෙරණ" ඇතුළු ආණ්ඩුවට හිතවත් මාධ්‍ය ආයතන විසින් බවයි. චතුර අල්විස්ගේ ජාතිවාදී මුග්ධ හැසිරීම එහි කූඨප්රාප්තියට පැමිණියේ පෙරේදා රාත්‍රියේ වූ නමුත් ඊට පෙර සිටම ඔවුන් සිදුකළේ තමන්ගේ කූඹි මොළවලට වැටහෙන තරම අනුව "හදාගන්නට" බව කියමින් නිරෝධායනයට ලක්වන අයගේ, රෝගීන්ගේ නිවෙස්වලට රිංගමින්, ජාතිවාදය අවුස්සමින් අමන ලෙස ඩෙඟා නැටීමය.
වඳුරන් අතට මයික්‍රෆෝන ලැබුණුවිට මෙවන් විපරීත හැසිරීම් පෙන්නුම් කෙරෙන අතර අවාසනාව නම් ඒවාට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මුළු මහත් රටටම වීමය.



