Type Here to Get Search Results !

කොරෝනා රෝගියා බලන්න 200ක් ඇවිත්


කොරෝනා වයිරසයෙන් පෙරේදා (01දා) මියගිය කොළඹ මරදාන ඉමාමුල් අරූස් අනුස්මරණ මාවතේ පදිංචිව සිටි පුද්ගලයා රෝග ලක්ෂණ මතු වී තිබියදීත් දින දහයක පමණ කාලයක් සිය මහල් නිවාසයට වී සිට ඇතැයි හෙළි වී තිබෙනවා.

කොරෝනා වයිරසය වැලඳී මියගිය තුන්වැනි ශ්‍රී ලාංකිකයා මොහුයි. මෙලෙස වයිරසයට ගොදුරු වූ පුද්ගලයාගේ බිරිය, දියණිය හා බෑනා සහ දරු දෙදෙනෙක්ද යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා ඔවුන් ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ආදී රෝග ලක්ෂණ තිබියදී අදාළ මහල් නිවාසයට වී සිටි කාල සීමාව තුළ 43 වත්තේ පදිංචි ඔහුගේ ඥාතීන් හිතවතුන් දෙසීයකට අධික පිරිසක් වරින්වර මෙම රෝගියා බැලීමට එම නිවෙසට ගොස් ඇතැයි වාර්තා වනවා.

කොරෝනා ආසාදනය වී මිය ගිය හැත්තෑ තුන් හැවිරිදි මොහු දියවැඩියාව, අධික රුධිර පීඩනය හා දීර්ඝ කාලීන වකුගඩු ආබාධයට ලක්ව සිටි අයකු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads