ඒක හරිම ඛේදනීය සිදුවීමක්...කාමරේ හිටපු මංජු බෑග් එක හදල දෙනකොටත් කිව්වේ ලංකාවට යන්න එපා බන් කියල..ඒත් උදය ඒක ඇහුවෙ නෑ..මංජුගේ වචෙනට වඩා මාරය ඉස්සර උනා..ලංකාවට ගිහින් නිරෝධායනය ඉවර කරන්න දවස් දෙකකට ඉස්සෙල්ල මාරය උදයට කතාකල..අඩුමගානේ අවුරුදු 4 ට පස්සෙ ගිහිල්ල ආදරණීය බිරිඳගේ දරුවන්ගේ මුහුනවත් දකින්න මාරය උදයට ඉඩ දුන්නේ නැහැ....ගෙනාපු ඔක්කොම විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න ආදරණීයනුත් දාලා උදයට මාරය එක්ක යන්න උනා..😥
උදය මගේ මිතුරෙක් නෙවෙයි..හැබැයි පාදෝවා ඉන්න නන්දන මල්ලිගෙයි මිලානෝ ඉන්න වන්නියගෙයි,මංජුගෙයි ලඟම හිතවතෙක්..මට මේ කතාව උන් කිව්වේ බොහොම හිතේ අමාරුවෙන්..අපි කිව්ව දේ ඇහුව නම් උදය තාම ඉන්නව..හැඟුම්බර කට හඩින් උන් මිමුනුව..කොහොමහරි උදයට මේක ආසාදනය වෙලා තියෙන්නේ ගුවන්යානයෙදි..මොකද මංජුල වන්නිල තාමත් හොද සෞඛ්ය තත්වෙන් මිලානෝවල ඉන්නව...
ඒක නිසා මම මේක පොඩි පනිවිඩයක් කරගන්න හිතුව....මොකද ගොඩක් අය මේ අවස්තාවේ ලංකාවට දුවන්න ලෑස්තිවෙලා.. අපටත් කතා කරල අහනව රජයෙන් ලංකාවට යන්න ගුවන් පහසුකමක්වත් දෙන්නැද්ද කියල...ඔයාලට දැන් තෙරෙනව ඇති වැඩිම අවදානම් වැඩේ ගුවන්යානයේ ලංකාවට යනව කියන එක..ඒ ගුවන් යානයේ එක covid 19 ආසාදිතයෙක් හරි හිටියොත් මුඛාඅවරන අත් ආවරන තියා මොන සෞඛ්ය ආරක්ෂිත ක්රම භාවිතාකරගෙන ගියත් වැඩක් වෙන්නෑ ..මොකද පැය නවයක් දහයක් එකම වාතාශ්රයක යනකොට අනික් අයට එය ආසාදනයවීමේ ප්රතිශතය ඉතා ඉහල නිසා..
ඒ නිසා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ලංකාවට දුවන එක නෙවෙයි.. සෞඛ්ය ආරක්ෂිත ක්රම අනුගමනය කරමින් තත්වය මදක් හෝ සමනයකට පත්වන තුරු ඉන්න තැනම ඉන්න එක..එහෙම නැති උනොත් ජිවිත අවදානම ගන්න වෙන්නේ ඔයාට විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න ඔයාගේ ආදරණීයන්ටත් එක්කම කියන එකත් අමතක කරන්න එපා..
උපුටා ගැනීමකි.


