Type Here to Get Search Results !

කොරෝනා සැක රෝගියෙක් මහනුවර රෝගලට


කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයෙක් ඊයේ දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද මහනුවර මහරෝහලට මාරු කර යවා තිබෙනවා.
එම පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන අතර, කොළඹ ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අදාළ පුද්ගලයා මහනුවර ප්‍රදේශයට පැමිණ ඇති අතර මීට දින කිහිපයකට පෙර ඔහු හැටන් නගරයට පැමිණ ඇති බව ද සඳහන්.
එම පුද්ගලයා දික්ඔය වත්ත ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී වතු කම්කරුවන් ඒ පිළිබදව පොලීසියට දන්වා ඇති අතර පසුව ගිලන් රථයක් රැගෙන විත් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads