Type Here to Get Search Results !

ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ සමීපව ඇසුරු කළ 55කට වුනු දේ?


කොරෝනා වැලඳුණු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ සමීපව ඇසුරු කළ පනස් පස් දෙනකු රත්මලානෙන් හා ඔරුගොඩවත්තෙන් හඳුනාගෙන පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (05 වැනිදා) යොමු කර තිබෙනවා.
ඔහු හා ඇය ඇසුරු කළ 34 දෙනකු රත්මලානෙන්ද, 21 දෙනකු ඔරුගොඩවත්තෙන්ද හමුවී ඇති බව වාර්තා වනවා.
ජර්මනියේ සංචාරයක නිරත වීමේදී කොරෝනා වෛරසය වැලඳුණ බව දැන දැන මෙරටට පැමිණ එය වසන් කළ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුට සහ ඊට ආධාර අනුබල දුන් ඔහුගේ බිරියට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද පවරා තිබෙනවා.
මෙම නඩුව කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් මෙරට අධිකරණයක පැවැරූ පළමු නඩුවද වනවා.
තමාට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වී තිබෙන බව දැනගෙන එම තොරතුරු වසන් කිරීම, සෞඛ්‍ය නිලධාරීන් ලබාදුන් උපදෙස්වලට අවනත නොවීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඊට ආධාර අනුබල දීමෙ චෝදනාව යටතේ සැකකරුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙනවා.
​රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනතේ 4 වැනි සහ 6 වැනි වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇතැයිද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262,263 සහ 264 යන වගන්ති යටතට ගැනෙන වරදවල් කර ඇතැයිද චෝදනා නගමින් අදාළ සැකකරුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙම නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads