ඉෂාරා සදමිණි කියන්නේ කාලයක් පුංචි තිරයෙන් විවිධ නිර්මාණ එක්ක දකින්න ලැබුණු චරිතයක්. අම්මා කෙනෙක් වුනු ඉෂාරා මේ වෙද්දී නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉෂාරාගේත් අරුණගේත් පුංචි දු සිගිත්තියට දැන් වයස අවුරුදු දෙකක් වෙනවා. උපන් දිනේ ඉහළින් සමරන්න කොරෝනා වසංගතය බාධාවක් වෙලා. ඒ ගැන ඉෂාරා ඇයගේ මුහුණු පොතට අපූරු සටහනක් එක් කර තිබුනා
එය පහතින්,
ඔයා දන්නවද ඔයාට දැන් හරියටම අවුරුදු දෙකක් .මේ අවුරුදු දෙක පුරාවටම ඔයාගේ අම්මයි තාත්තයි හරියට ඇස් දෙක වගේ ඔයාව බලා ගත්තේ .ඔයා අපේ ජීවිතේ කොයි තරම් නම් වෙනස් කළාද?
දැන් ඔයාට අපි නැතුව ඉන්න බෑ වගේම අපිට ඔයාව නැතුව එක මොහොතක් වත් ඉන්න හරි ම අමාරුයි .ඔයා දවසින් දවස ලොකු වෙනවා අම්මයි තාත්තයි බලන් හිටියේ හරිම ආසාවෙන් .
ඔයා වැටි වැටි අපි දෙන්නගෙ අත් දෙකෙන් අල්ලගෙන ඇවිදපු හැටි ,ඉස්සෙල්ලාම ඔය චූටි කටින් "අම්මා", "තාත්තා "කියනවා අපි අහගෙන හිටියේ ඇස් දෙකේ සතුටු කඳුළු පුරෝගෙන
ඔයාගේ දෙවෙනි උපන් දිනය යෙදිලා තියෙන්නේ ,අපේ රට දරුණු වසන්ගතයකට ගොදුරු වෙලා ඉන්න කාලෙක
"කොරෝනා" පුංචි ඔයාට මේ වචනේ තේරුමවත් තේරෙන් නැහැ,
ඒ නිසාම අම්මයි තාත්තයි පුළුවන් විදිහට ඔයාගෙ උපන් දිනේ සමරන්න හිතුවා , ගෙදර තියෙන බඩු වලින් අම්මා බොහොම අමාරුවෙන් කේක් එකක් ගොඩ දාගත්ත ,අම්මයි තාත්තයි එකතුවෙලා තව පුංචි පුංචි කෑම ටිකකුත් හැදුවා.මේ පාර උපන් දිනයට ආච්චිටයි සීයටයි,නැන්දලා,මාමලා,ඔයාගෙ යාලුවන්ටත් ඉන්න විදියක් නැහැ. කොරෝනා නිසා අපි හැමෝම ගෙවල් වලට හිර වෙලා.
ඉතින් මගේ පැටියෝ ,ඔයා තාම ජීවිතේ පටන් ගත්තා විතරයි ,මෙතැනින් එහාට ,ජීවිතේ හැම අභියෝගයක්ම ජය අරගෙන ජීවිතේ දිනන්න, ගුණ නුවණින් පිරි දරුවෙක් වෙන්න ,ඔයාට සුභ පැතුම්
ආදරෙයි ගොඩාක් ...
අම්මා ,තාත්තා ...