කොවිඩි -19 වෛරසය වැලඳුණු බවට සැක සහිත රෝගියකු කුරුණෑගල මහ රෝහලේ ඊයේ (09 ) සැරිසැරීම නිසා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා කාර්ය මණ්ඩලයේ 39 දෙනකු නිරෝධායනයට ලක් කර තිබෙනවා.
නිරෝධායනයට ලක් කළ කාර්ය මණ්ඩලය අතර වෛද්‍යවරුන් හත් දෙනකුද සිටිනවා.
හෘද රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කටුපොත ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයකු හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ ඇති අතර මෙම පුද්ගලයාගේ සැකසහිත හැසිරීම හේතුවෙන් වෛද්‍යවරයකු ඔහු පරීක්ෂාවට ලක්කළ අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක මතුවීම නිසා රෝගියා රෝහලේ කොවිඩ් -19 ආසාදිත වාට්ටුවට ඇතුළත් කර තිබුණා.