Type Here to Get Search Results !

පුත්තලමේ කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කල 65කට වුන දේ


පුත්තලම අල්කාසිම් සිටි හා පාලවිය ප්‍ර‍‍‍‍‍‍දේශ වල සැඟවි සිටි 65ක පිරිසක් පුනානි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිමට ඊයේ (9) දින රාත්‍රියේ කටයුතු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්රු ප්‍රනාන්දු මහතා පවසනවා.
මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවිම සිදු වුයේ පුත්තලම අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගැනුණු ආසාදිතයා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පිරිසක් බව පැවසුවා.
අදාළ පිරිස අල්කාසිම් සිටි කොරෝනා ආසාදිතයා සමිපව ඇසුරු කර ඇති බවත් ඒ බව අදාල ආසාදිතයා වසන් කර තිබු බවද පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පැවසුවා.
අදාළ අල්කාසිම් සිටි කොරෝනා ආසාදිතයා ඉන්දුනිසියා ආගමික කටයුතු සදහා ගොස් මාර්තු 16 දින ශ්‍රී ලංකාවට පැමිණි අයකු බවද පැවසෙනවා.
මෙම ආසාදිතයා සෞඛ්‍ය අංශ සොයා ගැනිමට ප්‍රථම මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ අවමංගල්‍යයකට බස් රථයකින් මෙම පිරිසත් සමග ගමන් කර තිබු නමුත් මේ සියල්ල වසන් කර තිබියදි ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කල සෝදිසි මෙහෙයුමකින් ඊයේ දින සවස වන විට අනාවරණය කර තිබුණා.
අදාළ පිරිස පොලිස් හා යුද හමුදාව එක්ව සෞඛ්‍ය අංශ මැදිහත් වි පුත්තලම සහිරා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එමෙන් යුද හමුදා ආරක්ෂාව යටතේ පසුව බස් රථ හතරකින් පුනානි බලා පිටත් කිරිමට කටයුතු කල බව පුත්තලම 143 වන බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතා පැවසුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads