Type Here to Get Search Results !

පොලොන්නරුවෙන් පළමු කොරෝනා රෝගියා වාර්තාවෙයි


පොලොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගියා (22) අද B.O.P 398 පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවී ඇති බව පොළොන්නරුව රෝහලෙන් වාර්තා වේ.

මෙම රෝගියා වයස අවුරුදු 32 ක නාවික හමුදා සෙබළෙකි. ඔහු වැලිසර නාවික හමුදා කඳවුරේ යටතේ පවතින කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක සේවය කර ඉකුත් 18 වන දින නිවාඩු ලබා නිවසට පැමිණෙන අවස්ථාවේ අඹේපුස්ස ප්‍රදේශයේ සිට ත්‍රීවීලර් රථයකින් මඳ දුරක් පැමිණ තිබේ.

advertisement

පසුව නිවසට පැමිණ දින කිහිපයකින් උණ රෝග ලක්ෂණ මතුවීම නිසා පොළොන්නරුව පුලස්තිගම ප්‍රාථමික රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පරීක්ෂණ පැවැත්වීමෙන් පසු කොවිඩ් 19 රෝගය වැලඳුණු රෝගියකු බව තහවුරු වී තිබේ.

මෙම රෝගියා වැලිකන්ද කොරෝනා රෝගීන් සඳහා වෙන්වූ රෝහල වෙත රැගෙන යෑමට නියමිත බව පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසූහ

උපුටා ගැනීම - මව්බිම

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads