Type Here to Get Search Results !

පොලින්නරුවෙන් හමුවූ කොරෝනා රෝගියා නිසා ගම්මාන 12කට වුනුදේ


කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ පොළොන්නරුව-ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12ක් හුදකලා කර තිබෙනවා.
පොළොන්නරුව ප්‍රදේශයෙන් අද (22) වාර්තා වූ කොරෝනා වෛරසය ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙක් බව තහවුරු වී තිබෙනවා.
advertisement
මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ.
ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 115ක්.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතෙන් වන අතර, එම සංඛ්‍යාව 62ක්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads