වරකපොළ ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඞ්-19 වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.
එම ආසාදිතයා ඊයේ රාත්‍රි IDH රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍රතා කටයුතුවල නිරත සේවිකාවකට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමග ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පසුගියදා පියවර ගත්තා.
එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි ඊයේ තහවුරු වුණේ.
අදාල නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු PCR පරීක්ෂණවලට යොමු කර ඇති අතර ඔවුන්ට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි මෙතෙක් තහවුරු වී නැහැ.
කෙසේවෙතත් ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


