Type Here to Get Search Results !

ඊයේ හවස හමු වුනු කොරෝනා රෝගියාගේ තොරතුරු මෙන්න


ඊයේ (21) සවස වරකාපොළ ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයා, මීට පෙර වෛරසය ආසාදනය වූ කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාව නවාතැන් ගෙන සිටි නිවසේ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබෙනවා.
advertisement
එම ආසාදිතයා ඊයේ(21) රාත්‍රි අයි.ඩී.එච් රෝහල වෙත යොමු කර තිබුණා.
මීට ටික දිනකට පෙර කටුනායක ගුවන් තොටුපලේ පවිත්‍ර සේවිකාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගැනීමත් සමඟ ඇය සිටි නිවසේ පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර එලෙස නිරෝධායනයට ලක් කළ පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ නිවසේ සිටින තවත් පුද්ගලයින් දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල තවම ලැබී නැත.
ඔවුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads