Type Here to Get Search Results !

මරදානේ මියගිය රෝගියාගේ බෑනා ගියපු තැනක් හෙලිවෙයි


නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයාගේ බෑනා, කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර ඉකුත් දා පැවැති නිල් මහා සටන කි‍්‍රකට් තරගය නැරඹීමට ද ගොස් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ප‍්‍රකාශ කළේ මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාසවල පදිංචිව සිට මියගිය එම පුද්ගලයාගේ දියණියට ද කොරෝනා රෝග ලක්ෂන පෙන්නුම් කර ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය එම පුද්ගලයා රෝගාතුරව දින 10 ක් මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාසයේ සිට ඇති බව ද අනාවරණ වී තිබෙනවා. මේ හේතුවෙන් එම පුද්ගලයා විසූ මරදාන ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස 10 ක වෙසෙන පුද්ගලයින් 1400ක් පමණ අනිවාර්යය නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බවයි කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ප‍්‍රකාශ කළේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads