4 වන කොරෝනා ආසාදිතයා ලෙස ඊයේ මියගිය 58 හැවිරිදි පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පසුගියදා ඉන්දියාවේ සංචාරය කර ඇති බවද අනාවරණය වී තිබෙනවා.
ඔහු නිව්මෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


