Type Here to Get Search Results !

බේරුවල මව සහ බිළිඳා කොළඹට - රෝහල් කාර්ය මන්ඩලයට වුන දේ මෙන්න


බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිනි මව අද (04) අලුයම කළුතර නාගොඩ රෝහලේදී බිහි කළ බිළිඳා සමග කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කර තිබෙනවා.
බිළිදාගේ රුධිර සාම්පල පරීක්ෂාවට යොමු කර ඇති අතර එම සාම්පල පරීක්ෂාවට ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය මහේෂ් කරුණාතිලක මහතා අද(04) දහවල් පැවසුවා.
මේ අතර කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 ක් ස්වයං නිරෝධායනයකට ලක් වීමට කැමැත්ත පළ කර ඉන් හතර දෙනෙකු සිය නිවාසවලට යොමු කර අනෙකුත් දෙදෙනා වෙනත් පුද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු සලසා ඇතැයි ඔහු සදහන් කළා.
දරුවා බිහි කළ මව ගැබිනි වාට්ටුවෙන් වෙන් කර වෙනත් විශේෂ ඒකකයකදී ප්‍රසූතිය සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
වැඩි විස්තර පහතින්
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads