අකුරැස්ස ,මලිදුව කොහුගොඩ ග්‍රාම නිලධාරී වසමේ කොවිඩ් -19 ආසාදිතයකු අද (05) හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයට ඇතුළුවන කොහුගොඩ පහළ මලිදුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි අකුරැස්ස පොලිසිය කටයුතු .කර තිබෙනවා.
කොවිඩ් -19 ආසාදිත පුද්ගලයාගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනා ද සෙම් පටල පරීක්ෂාවක් සඳහා මාතර කඹුරුගමුව රෝහල වෙත යොමුකළ බව අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළා.
මෙම දරු තිදෙනා අතර වයස අවුරුදු එක හමාරක කුඩා දරුවකු සිටින බව ද සෞඛ්‍ය බලධාරීහු පවසනවා..
ඊට අමතරව එම පුද්ගලයා ඇසුරු කළ සහ ප්‍රදේශය අවට ආගිය නිවාස අටක පුද්ගලයන් ස්වයං නිරෝධානය සඳහා යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.


