Type Here to Get Search Results !

විශාල ආහාර හිඟයක්?


ගෝලීය වෙළෙඳපොළේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආයතන 03ක ප්‍රධානීහු අනතුරු අඟවනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක වෙළෙඳ සංවිධානය ඒකාබද්ධව නිකුත් කර ඇති ලිපියක් ඔස්සේ එම සංවිධානවල ප්‍රධානීහු වන චියු ඩොන්ග්යු, ටෙඩ්‍රොස් ඇඩනොම්, රොබර්ටෝ අසිවිඩෝ මේ බව සඳහන් කරනවා.

කොවිඩ් – 19 හේතුවෙන් බියට පත් ජනතාව සිදු කළ හදිසි ආහාර මිලදී ගැනීම්, ඇඳිරිනීතිය පැනවීම් සහ රටවල් වසා දැමීම් හේතුවෙන් සැපයුම් ජාල දරුණු ලෙස කඩා වැටී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

වෙළෙඳපොළේ ආහාර තිබෙනවාද නැද්ද යන්න ගැන සැකයක් මතුව තිබෙනවා.මේ නිසා අපනයන සීමාවීම් හා ගෝලීය වෙළෙඳපොළේ දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවද සඳහන් කෙරෙනවා.

කුමන තත්ත්වයක් මතු වුවත් වෙළෙඳාම් කටයුතුවලට නිදහසේ ගලා යෑමට ඉඩ ලබා දිය යුතු බවද එසේ කළ හොත් ආහාර හිඟයක් ඇතිවීමේ අවදානම අවම කර ගත හැකි බවද ඔවුන් පවසනවා.

එසේම වෙළෙඳාම් කටයුතු සුරක්ෂිතව කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට රජයන් බාධා නොකළ යුතු බවත් අදාළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads