Type Here to Get Search Results !

කටුනායක ගුවන් තොටුපල පවිත‍්‍රතා සේවිකාවට කොරෝනා


කොරෝනා ආසාධිතවී ඇති බව අනාවරණය වූ කටුනායක ගුවන් තොටුපල පවිත‍්‍රතා සේවිකාව ඇසුරු කළ මීරිගම ප‍්‍රදේශයේ සේවිකාවන් දෙදෙනෙකෙුගේ නිවෙස්වල පදිංචි පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (07දා) සවස පියවර ගෙන තිබෙනවා.
මෙසේ නිරෝධායනයට ලක් කරනු ලැබුයේ රදාවඩුන්න හා පල්ලෙවෙල ප‍්‍රදේශයන්හි නිවාස දෙකක්.
පුද්ගලික ආයතනයකට සම්බන්ධ මෙම සේවිකාව දින කිහිපයකට පෙර අසනීපවී පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන පසුගිය 3 වැනිදා යළි සේවයට පැමිණ ඇති අතර පසුව යළි අසනීපවීමෙන් පසු ඇය කොරෝනා තතත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබෙනවා.
මෙම කාන්තාව පිරිසිදු කළ කොටසට ආසන්න ස්ථානයන්හි සේවය කළ වෙනත් සේවක පිරිස් ද නිවෙස්වලට පිටත් කර ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ සමගම මෙතෙක් විවෘතව පැවති තීරු බදු රහිත වෛළද සංකීරණයේ වෙළෙදසැල්ද වසා දැමීට පියවර ගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads