ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි.
මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 21ක්.
එමෙන්ම ඊයේ දිනයේදී පුද්ගලයන් 225කගේ පමණ සාම්පල් පරීක්ෂාවට ලක්කර ඇති අතර මේ වන විට රෝගීන්ට අමතරව රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝගීන් ඇසුරු කළ පුද්ගලයන්ගේ ද සාම්පල් පරීක්ෂාව සිදු කරනු ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.


