Type Here to Get Search Results !

UPDATE - වසා දැමුණු කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට මොකද වුනේ..?


තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය නැවත විවෘත කර තිබෙනවා.
රෝගී තත්ත්වයකට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම හමුවේ එය ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දැමුණා.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය සිදුකර අද පෙරවරු 8ට යළි විවෘත කළ බවයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමුවූ කටුපොතට ආසන්න සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ රෝහලට ඇතුළත් වී තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads