Type Here to Get Search Results !

බේරුවල කොරෝනා රෝගීන් ගණන ඉහල ‍යයි


බේරුවල මාලිගාහේන, වෙත්තිමරාජපුර ප්‍රදේශයේදී විදෙස් රටක සිට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු ඉකුත් 06 දා සිට එම රෝගියා කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම රෝගියාගේ 27 හැවිරිදි බිරිඳ ද ඊයේ (09) රාත්‍රියේ කොරෝනා වෛරස ආසාදිත වූ අයෙකු බවට හදුනාගෙන ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවා.
මෙම කාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවා.
මෙම රෝගී කාන්තාව ද තහවුරු කර ගැනීමත් සමග බේරුවල කොරෝනා ආසාදිතයන් ගණන 16 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පැවසුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads