අද සවස රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ අයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනය කළ නමුත් එම ආසාදිතයා හමු වූ ප්‍රදේශය රත්නපුර නොවන බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.
නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ එම පුද්ගලයා හමු වූ ප්‍රදේශය වරකාපොළ ලෙස සංශෝධනය විය යුතු බවයි.
මේ අතර අද දිනය තුළ සුවය ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු පිටව යෑමත් සමඟ සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 102 ක් බවට පත්වුණා.
අද දිනය වන විට පුද්ගලයින් 203 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා.



