Type Here to Get Search Results !

මත්පැන්හල් ආශ්‍රිතව රෝගියෙක් මතුවුවහොත් අපිට නැවත මුලටම යන්න වෙනවා - අනතුරු ඇඟවීමක්


මත්පැන්හල් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපැදීම් සිදු නොවන වෙනත් ස්ථාන ආශ්‍රිතව කොවිඩ්-19 වෛරස ආශ්‍රිතයන් හමුවුවහොත්​ කොවිඩ් මර්දනයට මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නැවත ආරම්භය දක්වාම ගෙන යෑමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
advertisement
ඔහු පවසන්නේ මත්පැන්හල් ආශ්‍රිතව දැකගත හැකි වූ ජනතාව රොක්වීම් හේතුවෙන් ආසාදිතයකු වාර්තා වුවහොත් එම ආසාදිතයා හරහා රෝගය ව්‍යාප්ත වන ආකාරය සහ රෝගීන් පොකුරු වශයෙන් මතුවිය හැකි ස්ථාන හඳුනා ගැනීම දැඩි සේ අසීරු වන බවයි.
‘‘මේ මත්පැන්හල් ආශ්‍රිතව රෝගියෙක් මතුවුවහොත් අපිට නැවත මුලටම යන්න වෙනවා. එහිදී ඔහුගේ ස්පර්ශකයන් සෙවීම විශාල පිරිසක් අතර සිදුවන විට ඒ අය විවිධ ස්ථානවලට විසිරී ගියහම ඉතාම අමාරු වෙනවා. ඒ එකතු වෙන සෙනඟ අතර විෂබීජය තිබිලා කිහිප දෙනකුට ඇවිත් ඒ අය තමන්ගේ නිවාසවල ආශ්‍රය කරන අය වෙත ගියහම අවසාන වශයෙන් පොකුරු විදිහට මතුවුණහම තමයි අපිට හමුවන්නේ.
මීට ඉස්සෙල්ලා අපි මේ සියලු කටයුතු කළේ සමාජ දුරස්ථ භාවය, ඇඳිරි නීති තත්ත්වය යටතේ. එම තත්ත්වයන් යටතේ එක්රැස් වන පිරිස් කොහොමත් අඩුයි. නමුත් මේ විදිහට ගියොත් ඒ තත්ත්වය අපෙන් ගිලිහී යන්න පුළුවන්’’ යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads