Type Here to Get Search Results !

⛈ ALERT - රත්නපුරේ ප‍්‍රදේශ හයකට නායයාමේ අවදානමක් - මෙන්න ප්‍රදේශ හය(06)


රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, නිවිතිගල, ඇලපාත කලවාන සහ කිරිඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 තුල මිලිමිටර් සියයට වඩා වැඩි වැසි ඇතිවූ නිසා වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොවේ ගිලා බැසීම් අවදානමක් ඇති බවට දෙවන අදියරේ අවදානමක් පවතින බව අද ( 17) දා පස්වරු 02.00ට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවූවා.
advertisement
මීට අමතරව ඇහැලියගොඩ, කුරුවිට සහ අයගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට ගෙවුණු පැය 24 තුල මිලිමීටර් 75ට වැඩි වැසි පැවති බැවින් තවදුරටත් වැසි ඇතිවුවහොත් නායයාමේ ඉඩකඩ ඇති නිසා විමසිලිමත්ව සිටින ලෙසද එම නිවේදනයේ දැක්වෙනවා.
කලුගඟේ ජල මට්ටම අද 17 සවස 03.30 පමණ වනවිට රත්නපුර මුවගම ජල මාපකයේ දිස්වුයේ අඩි හයක් (මීටර් 01.85) ලෙසටයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads