ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ‘‘ඇම්ෆන්’’ යනුවෙන් නම් කර තිබෙන සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය හෙට (18) දිනයේදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන 20 වැනිදා වන විට බටහිර බෙංගාල වෙරළ ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි නිසා තව දුරටත් මුහුදු යාමෙන් වැළකී සිටිය යුතු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ට හා නාවුක කටයුතුවල නිරතවන්නන්ට දැනුම් දීමක් කරනවා.
විශේෂයෙන් ගිනිකොණ සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 110 පමණ වේගවත් ප‍්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි වනවා.
මෙම අඩුපීඩන තත්ත්වයේ බලපෑමෙන් ඉදිරි දිනවල දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයන්හි ඉතා තද වැසි ඇතිවිය හැකියි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.


