Type Here to Get Search Results !

⛈ ALERT - රතු නිවේදන නිකුත්කරයි


ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (16) උදෑසන 5.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ උතුරු අකෂාංශ 10.4 ත් නැගෙනහිර දේශාංශ 87.0ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertisement
ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා සැලකිමත්වන ලෙසට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දන්වා ඇත.

මෙම පද්ධතිය අද දින තුලදීම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් , ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක්  දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

මෙය හෙට (17) දක්වා උතුරට බරව වයඹ දෙසටත් ඉන් අනතුරුව 18වන දා සිට 20වන දිනයන් තුලදී උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද දන්වා ඇත.

ධීවර හා නාවුක කටයුතු වල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ  අවධානයෙන් කටයුතු කරන ලෙස දන්වා තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads