Type Here to Get Search Results !

කොරෝනා පරීක්ෂණ වාර්තා වැරදුන කතාවේ ඇත්ත නැත්ත මෙන්න


පී සී ආර් පරික්ෂණයෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිතයකු බවට හදුනාගන්නා අයෙක් ඊළඟ දිනයේ දී එම පරික්ෂණය කිරීමේ දී ආසදිතයෙකු නොවන බවටත් පසුදින යළි ආසාදිතයෙකු බවටත් පෙන්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පවසනවා.
advertisement
එම වයිරසය ලෝකයටම අලූත් එකක් බැවින් තවමත් බොහෝ රටවල පර්යේෂණ සිදු කරන බව කී යසවර්ධන මහත්මිය රෝගියකු සුවපත්වී ඇතැයි පැවැසීමට නම් ඔහුගේ පීසීආර් පරික්ෂණය එක ළඟ දින දෙකක දී ආසාදිතයෙකු නොවන බව පෙන්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා ඇත්තේ ඒ නිසා යැයි ද පැවැසුවා.
කොවිඞ් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පී සී ආර් පරික්ෂණය පවා සිදුකරන ලද්දේ මෙකී සිද්ධාන්තය මත පිහිටා බවත් තම වෛද්‍ය පීඨයේ රසායනාගාරයෙන් කිසිදු අවස්ථාවක වැරදි වාර්තා පිට නොවූ බවත් මහාචාර්යවරිය සඳහන් කළා.
ඩෙංගු වයිරසය සදහා වසර 10කට ආසන්න කාලයක් තිස්සේ පී සී ආර් පරික්ෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයීය රසායනාගාරය කොවිඞ් 19 වයිරසය ආසාදිතයින් හදුනාගැනීම සදහා පරික්ෂණ ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 28 වැනිදා යැයි ද මහාචාර්යවරිය සඳහන් කළා.
වෛද්‍යපීඨයේ පීඨාධිපතිනිය මෙම අදහස් පළ කළේ එම විශ්ව විද්‍යාලයේ සිදුකරන පීසීආර් පරික්ෂණ වාර්තා වැරදි බවට පළවන මතය සත්‍යයක් දැයි පුවත්පතක් කළ විමසුමක දී.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ යසවර්ධන මහත්මිය තම වෛද්‍යපීඨ රසායනාගාරයේ පීසීආර් පරික්ෂණ යන්ත‍්‍ර දෙක  නිසි පීසීආර් මෙවලම යෙදිය යුතුව ඇති බවත් එම යන්ත‍්‍ර දෙකෙන් ඉතාම නිවැරදි වාර්තා ලබාගත හැකි බවත් පීඨාධිපතිනිය පැවැසුවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads