Type Here to Get Search Results !

විශේෂ බළකායේ සෙබළෙක් මාදුරුඔය කඳවුරේ දී හදිසියේ මියයයි


ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකායේ මාදුරුඔය පිහිටි කඳවුරේ රාජකාරී කල සෙබළෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් අද (11) අලූයම මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය සඳහන් කළා.
advertisement
එසේ මිය ගොස් ඇත්තේ කතරගම, තිස්සමහාරාමය,ඩී 10 ඇල ලිපිනයේ පදිංචි බී.කේ.මහින්ද නැමැති 36 හැවිරිදි අයෙකි.
මොහු ප‍්‍රතිකාර සඳහා අලූයම 12.30ට පමණ අරලගංවිල රෝහලට ඇතුලත්කර ඇති අතර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගියා පරීක්‍ෂාකර බලා ඒ වනවිටත් මිය ගොස් සිටිබව දැනුම්දී තිබෙනවා.
මියගිය සෙබළාගේ මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර ඒ සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (11)දිනයේ පැවැත්වීමට නියමිතයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads