Type Here to Get Search Results !

රට විවෘත කළත් ගැසට් නිවේදනය තවම නෑ – ගැසට් නිවේදනයට මොකද වුනේ..?


රට විවෘත කිරීමෙන් පසු රජය හා පෞද්ගලික ආයතන පවත්වාගෙන යාම සහ සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කිරීමට නියමිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා.
advertisement
මෙම ගැසට් නිවේදනය ඊයේ (10 නිකුත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් සංශෝධනය කළ ගැසට් නිවේදනය ඊයේ (10 ) නීතිපති දෙපාර්තමේන්තුවට ලැබුණු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතිඥ නිශාරා ජයරත්න පවසනවා.මෙම ගැසට් නිවේදනය නීති කෙටුම්පත් කර ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවට පරිවර්තනය කර අද (11 ) දින යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන බව ඇය ප්‍රකාශ කළා.
නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගැසට් නිවේදනය ලැබුණු පසු හෙට (12 ) දින ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. මෙම ගැසට් නිවේදනයට අනුව අවස්ථානුකූලව බලතල ක්‍රියාත්මක කිරීම තවදුරටත් බලාත්මක කර ඇති බවද ඔහු අවධාරණය කරනවා. ඊට අදාළ රෙගුලාසි සහ නීතිමය පියවරද ඊට ඇතුළත් කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads