Type Here to Get Search Results !

මෙරට පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා නිරෝධායනයට ලක් කෙරේ - මෙන්න හේතුව


පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිනවා.
advertisement
ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා පෞද්ගලික සංචාරයක් සඳහා සිය බිරිද සමග නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඉකුත් මාර්තු 15 වැනිදා ඕස්ටේ‍්‍රලියාවට සංචාරය කර ඇති බවයි වාර්තා වුණේ.
පෙරේදා (10) ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණී ශී‍්‍ර ලංකන් විශේෂ ගුවන් යානයෙන් ඔහු යළි මව්බිමට පැමිණ තිබෙනවා.
ඒ අනුවයි ඔහු නිරෝධායනයට ලක්ව සිටින්නේ.
පෞද්ගලික හෝටලයක පෞද්ගලික වියදමින් පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා මෙලෙස නිරෝධායනයට ලක්ව සිටින බව ද වාර්තා වුණා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads