Type Here to Get Search Results !

දඹුල්ල බස් නැවතුම්පොළේදී මිය ගිය සෙබලාගේ මරණයට අදාළ තොරතුරු හෙළිවෙයි


දඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් – 19 රෝගය වැලඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සඳහන් කළා.
advertisement
මේ ආධුනික සෙබළාගේ නියැදි පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු වූ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණා.
මහනුවර රෝහල වෙත යවා තිබූ නියැදි ශරීරයේ කොටස්වල පරීක්ෂණ වාර්තාව 5දා සවස 5.45ට පමණ ලැබුණු බව වෛද්‍ය අධිකාරිවරයා පැවැසුවා. ඒ අනුව මියගිය හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය 5දා පස්වරුවේ කඩිනමින් සිදුකර මරණයට හේතුව සොයා බලා සිරුර යුද හමුදාවට භාර දීමට අවශ්‍ය පියවර ගන්නා බවද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි මෙම යුද හමුදා සෙබළාගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ තම දරුවාට කලක සිට අසනීප තත්ත්වයක්ද තිබුණු බවයි. ඒ අනුවද වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ගම හංවැල්ල ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ ගලේවෙල පල්ලේපොළ ප්‍රදේශයේ පදිංචි තුෂාර කුමාර ජයසිංහ නමැති අයකු බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads