Type Here to Get Search Results !

කොරෝනා ආසාදනයවී ඊයේ මියගිය කාන්තාවගේ තොරතුරු මෙන්න - ස්වාමියා චූන් පාන් වෙලෙඳෙක්


කොරෝනා ආසාදනයෙන් ඊයේ මියගිය කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු නොකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය පසුගිය අප්‍රේල් 26 වෙනිදා ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බව සඳහන්.
advertisement
කෙසේ නමුත් ඇයගේ රෝගී තත්වය උත්සන්න වීමෙන් මැයි මස 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
එහිදී එම කාන්තාවගේ රෝග ලක්ෂණ කොරෝනා වෛරසයට සමාන වීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇයට PCR පරීක්ෂණයසිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
මෙම කාන්තාව මෝදර, මෙත්සඳ මහල් නිවාසයේ ජිවත්ව සිටි ඇති අතර ඇයට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නැහැ.
මේ අතර ඇයගේ ස්වාමිපුරුෂයා එම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවත් වාර්තා වෙනවා.
කෙසේ නමුත් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙක්ද එම කාන්තාව රෝහල් කරා රැගෙන ගිය අසල පිහිටි මහල් නිවසක පුද්ගලයෙක් ඇතුළු සාමාජිකයින් 09 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads