ඉදිරි දිනවල රට නරක අතට පත් නොවුණහොත් 11 වැනි සඳුදා සිට ඇඳිරි නීතිය ඉවත් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 07 ) ප්‍රකාශ කළා.
මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය,දිස්ත්‍රික් අතර හුවමාරුව, වෙළඳසල් විවෘත කිරීම ගැනද සෑම අංශයක් සමගම වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇතැයි කියා සිටියා.


