ඊයේ වෙසක් පුන් පොහෝදින උදැසන මීගමුව ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇතිකළ සුනඛයෙකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් එම පාරේම පදිංචිකරුවෙකු බව කියන සැකකරු ලක්‍ෂ පහ බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා නියෝග කර තිබෙනවා.
ප්‍රකට සමාජ ක්‍රියධරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් තමන් සුරතලයට ඇති දැඩි කල මැක්ස් නමැති සුනඛයා ඝාතනය කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ මීගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනවනු ලැබුවා.


