කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.
කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා තිබෙනවා.
චීන පර්යේෂකයන් කණ්ඩායමක් ජනවාරි 26 සිට පෙබරවාරි 16 දක්වා කාලය තුළ වුහාන් දේශ සීමාවේ පිහිටි චීනයේ හෙනන් පළාතේ රෝහලක පිරිමි COVID-19 රෝගීන් 38 දෙනෙකුගෙන් ශුක්‍රාණු සාම්පල ලබා ගනිමින් මෙම හෙළිදරව්ව සිදුකර තිබෙනවා.
අධ්‍යයනය කළ පිරිමින්ගෙන් 16% ක් පමණ ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය තිබු බවයි පර්යේෂකයන් පැවසුවේ.


