Type Here to Get Search Results !

WHO අනතුරු අඟවයි - සීමා ලිහිල් කළ රටවල අවදානම ඉහළ ගිහින්


කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් දැඩි සීමා පනවා තිබූ රටවල එම සීමා ලිහිල් කිරීමෙන් පසු ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

advertisement
පසුගිය සතිය තුළ අවදානම ඉහළ ගිය රටවල් ලෙස නම්කර තිබෙන්නේ චීනය, දකුණු ‍කොරියාව, ජර්මනිය යන රටවල්ය. දැඩි නීති ලිහිල් කිරීමෙන් පසුව සාමාන්‍ය කටයුතු ඇරඹීමත් සමග එම රටවලින් සති අන්තයේදී සැලකිය යුතු ආසාදිතයන් ප්‍රමාණයක් හමු වී තිබෙනවා.

දකුණු කොරියානු අගනුවර මත්පැන් හල් සහ සමාජ ශාලා ආශ්‍රිතව අසාදිතයන් වාර්තා වීමත් සමග එම ස්ථාන වසා තැබීමට එරට බලධාරීන් පියවර ගෙන තිබිණි. චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව ද නව පොකුරක් හඳුනාගෙන තිබෙනවා.

මෙම රටවල යළි වෛරසය ව්‍යාප්ත වුවද එම රටවල් ඊට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට සමත් වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුට පළකර තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads