Type Here to Get Search Results !

මුළු පවුලම මරා දමමින් කඩා වැටුනු මහනුවර ගොඩනැගිල්ලේ තොරතුරු හෙළිවේ – වැටෙන්න පෙර රහසේම හිමිකරු පිටව ගිහින්ම..ගොඩනැගිල්ල හිටපු නිළමෙගේ


ඊයේ (20 ) අලුයම 5.00ට පමණ මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා මරණයට පත්ව තිබීම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

advertisement
සංඝමිත්තා මාවතට යාබදව පිහිටි මෙම පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවිෂ්ට දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී තිබුණා.

මෙහි හිමිකරු බිරිඳ හා දරු තිදෙනා සමග ​ඊයේ (20 වැනිදා) අලුයම 3.00ට පමණ එම ගොඩනැගිල්ලෙන් පිටතට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙම ගොඩනැගිල්ල හිටපු බස්නායක නිලමේවරයකුගේ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකක් මතට වැටී ඇති අතර මියගොස් ඇත්තේ එම ගොඩනැගිලි දෙකින් එකක පදිංචිව සිටි තිදෙනෙකි.

මියගිය පුද්ගලයා අදාළ ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි කාමර දෙකක ඔහුගේ බිරිඳ, දරුවා සමග එම පුද්ගලයාත් තවත් කාමරයක බිරිඳගේ මව හා තවත් කාන්තාවක් සිට ඇති බවත් පැවැසෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35) අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ දෙමසක් වයසැති දරුවා බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.. මියගිය අචලා ඒකනායක නමැති අය නීතිඥවරියක වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. මෙම ගොඩනැගිල්ල අනවසර ඉදි කිරීමක්ද නැද්ද යන්න සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads