Type Here to Get Search Results !

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ සූදානමක්


සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
advertisement

රට තුළ කෘතිම ආහාර හිඟයක් ඇති නොවන පරිදි හා මිල වැඩිවීමක් නොවන පරිදි පාරිභෝගිකයින් වෙත සහල් ලබාදීමට හැකිවන පරිදි රජය වෙත ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගැනීම මෙහි අරමුණ බව ද ඇමතිවරයා සඳහන් කළා.

වී තොග රැස්කරගෙන සිටින සහල් මෝල් හිමියන් එම සහල් තොග වෙළඳපලට නිකුත් කරන්නේ නම් සහල් පිටරටින් ගෙන්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවද ඇමතිවරයා පැවසුවා.

නමුත් කෘතිම හිඟයක් මවා පා පාරිභෝගිකයන් අපහසුතාවට පත්කිරීමට ඉඩ දිය නොහැකි බැවින් මෙසේ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව කී ඇමතිවරයා සහල් හිඟයක් මවා පාමින් සහල් මිල වැඩිකිරීමට කිසිවකුට ඉඩ නොතබන බවද ඔහු ආධාරණය කළා.

ඇමතිවරයා මේ බව පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads