Type Here to Get Search Results !

ඉරි තැලූ ගොඩනැගිල්ලක් පොලිසියෙන් වසා දමයි.. ටියුෂන් පන්තියක් උඩු මහලේ..


කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක් හේතුවෙන් එම ස්ථානයේ වෙළඳාම් සිදු කරන කඩ හිමියන්ට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන තෙක් සිය වෙළෙද ආයතන විවෘත නොකරන ලෙසට හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද එම ස්ථානයේ ස්ථාන පරික්ෂණයකින් පසුව පැවසිය.

advertisement
හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා, හෙම්මාතගම වසම භාර ග‍්‍රාම නිලධාරි සෙනරත් වීරසේකර මහතා ඇතුලූ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් එම ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් පසුව එම තීරණය ගනු ලැබිය.

හෙම්මාතගම අරණායක ප‍්‍රධාන මාර්ගය අසල හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප‍්‍රධාන ගෙට්ටුව අසලයි. ගොඩනැගිල්ලේ අවදානම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුයේ එම ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව ගමන් කිරිම වැලැක්විමට පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් සේවයට යොදවන බවයි.

මේ වන විට මෙම ගොඩනැගිල්ලේ ඉරි තැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් කණු කිහිපයක් අතින් සෝලවන විට ඒවා සේලවෙන අයුරුද එහිදි පැමිණි නිලධාරින්ට නිරික්ෂණය විය.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර පංති පැවැත්විම් කර ඇති අතර පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්විම සිදු නොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇත.

– සමන් විජය බණ්ඩාර

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads