Type Here to Get Search Results !

මේක වියත්මග ද කියත්මගද කියා ජනතාව අහනවා.. එදා බහුතර ජනතාවක් මංමුලා වුනා.. අද බොහෝ ජනතාව කලකිරිලා..


මෙම රජය බලයට එන්න පෙර වියත් බුද්ධිමත් උගත් පිරිසක් රටට ඉදිරිපත් කරන බව පැවසුවද අද ජනතාව ප්‍රශ්න කරන්නේ මෙය වියත් මග ද කියත්මගද කියා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
advertisement

අද වන විට බොහෝ පැතිවලින් රටේ ජනතාව දැඩි පීඩනයක සහ කලකිරීමට පත්ව සිටින බවද ඔහු පැවසීය.

පසුගිය මැතිවරණයේ දී රටේ බහුතර ජනතාව මංමුලා වීම ගැන තමන් කණගාටු වන බවත් එසේ වුවද විපක්ෂයක් ලෙස රටේ අනාගත උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුව ගැන ජනතාව දැන් බොහොම කලකිරීමෙන් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේ දී තීන්දු තීරණ ගැනීමේදී දුරදිග කල්පනා කර කටයුතු කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ ගාල්ල වැලිගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads